නෙල්සන් මැන්ඩෙලා ලොවට සමුදෙයි! - GOSSIP9.WORLD

Post Top Ad

නෙල්සන් මැන්ඩෙලා ලොවට සමුදෙයි!

Share This
දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ඔහුගේ ජන්ම භූමියේදී මිහිදන් කෙරුණි.

නැගෙනහිර කේප් හි කුනු ප්‍රදේශයේ පිහිටි මැන්ඩෙලා ගේ පවුලේ සුසාන භූමියේදී දේහය මිහිදන් කළ අවස්ථාවට ජනාධිපති ජේකබ් සූමා සහ මැන්ඩෙලා ගේ වැන්දඹු බිරිඳ ග්‍රාෂා මශේල් ද එක් වී සිටියහ.

ඊට කලින් පැවැත්වුණු රාජ්‍ය අවමඟුල් උත්සවයට අප්‍රිකානු නායකයන්, මිතුරු මිතුරියන්, ඥාතීන් ඇතුළු පන් දහසකට ආසන්න පිරිසක් රොක් වී සිටියහ.

සුදු වර්ණභේදවාදී පාලනයෙන් දකුණු අප්‍රිකාව මුදවා ගත් නායකයාට ඔවුහු එහිදී සිය ප්‍රණාමය පුද කළ අතර, යාතිකා ද ගායනා කෙරිණ.

තරඟය හමාරයි
'සුභ ගමන් මඩීබා, සුභ ගමන් අපේ මුතුන් මිත්තන්ගේ දේශයට ...'
නිදහස උදෙසා මැන්ඩෙලා ආරම්භ කළ දීර්ඝ චාරිකාව නිමා වූවා විය හැකි නමුත්, ඔහුගේ ආදර්ශය පෙරට ගෙන යාම දකුණු අප්‍රිකානු වාසී ජනතාවගේ වගකීම බව අවමඟුල් උත්සවය ඇමතූ වත්මන් ජනාධිපති ජේකබ් සූමා කියා සිටියේය.

එකිනෙකාට චෝදනා කර ගැනීම නවතා, දකුණු අප්‍රිකාවේ ජනතාව සිය මුත්තනුවන් පෙන්වූ මාර්ගය අනුගමණය කළ යුතු බවයි, මැන්ඩෙලාගේ මිණිපිරිය නන්දි සඳහන් කළේ.

"සුභ ගමන් මඩීබා, සුභ ගමන් අපේ මුතුන් මිත්තන්ගේ දේශයට, ... ඔබ ඔබේ තරඟය සම්පූර්ණ කොට හමාරයි ...,” යනුවෙන් ඇය සිය කතාව නිමා කළේ රැස්ව සිටි විශාල පිරිසගේ අත්පොලසන් නාදය මධ්‍යයේ.

අවමංගල සභාව ඇමතූ දීර්ඝ කාලයක් මැන්ඩෙලා සමඟ සිර ගතව සිටි අහමඩ් කත්‍රාඩා තමන්ට සිය සොහොයුරා අහිමි වූ සෙයක් හැඟෙන බව කියා සිටියේ ඉතා හැඟුම්බර ලෙසින්.

දැන් සිය ජීවිතයම හිස් බව පැවසූ ඔහු, අවශ්‍යම මොහොතක උපදෙසක් හෝ පතන්නේ කවරෙක් ගෙන් දැයි සිතා ගත නොහැකි බවද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad