මැන්ඩෙලා සමරු මෙහෙයට දස දහස් ගණනින් රොක් වෙති - GOSSIP9.WORLD

Post Top Ad

මැන්ඩෙලා සමරු මෙහෙයට දස දහස් ගණනින් රොක් වෙති

Share This
සොවෙතෝ නුවර පැවති සමරු මෙහෙය
බහු වාර්ගික දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාට ලෝක නායකයන් අද සිය ප්‍රණාමය පුද කළහ.

ලෝක නායකයන් සිය දෙනකු පමණ සහ දස දහස් සංඛ්‍යාත දකුණු අප්‍රිකානු වාසීහු සොවෙතෝ නුවර පැවති සමරු මෙහෙයට සහභාගි වී සිටියහ.

විසි වෙනි සියවසේ අවසාන ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා ලෙසිනුයි සමරු මෙහෙය අමතමින් කථා කල ජනාධිපති ඔබාමා මැන්ඩෙලා හඳුන්වා දුන්නේ.

සූමාට හූ හඬ

සමරු මෙහෙයට එක් වුනු මැන්ඩෙලා ගේ පවුලේ සාමාජිකයන් ඔහු විග්‍රහ කළේ සියලු දෙනාට සමානව සලකනු දැකීමට රිසි වූ නිහතමානී මිනිසකු ලෙසින්.

මහ සෙනඟ ජනාධිපති ඔබාමාට ප්‍රීති ඝෝෂා නැගු නමුත් ජනාධිපති සූමා කතා කිරීමට සැරසෙද්දී කිහිප වරක්ම හූ හඬ නැගිණ.

සමරු මෙහෙය අවසානයේ කතා කළ ජනාධිපති සූමා, මැන්ඩෙලා හඳුන්වා දුන්නේ දකුණු අප්‍රිකාවේ ජාතිවාදය හිස එසවීමට උත්සාහ දරුණු අවස්ථාවක ලේ වැගිරීම නතර කළ නායකයා ලෙසින්.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂද සමරු මෙහෙයට සහභාගි විය.

සිය දේශණය පැවැත්වීම පිණිස වේදිකාවට යන අතරවාරයේ, ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ නායක රාවුල් කැස්ත්‍රෝට අතට අත දීම, සමරු මෙහෙයේ විශේෂ අවධානයට ලක් වූ අවස්ථාවක් වූයේ, අඩ සියවසකට අධික කාලයක් සම්බන්ධතා පිරිහී තිබෙන රාජ්‍යයන් දෙකේ නායකයන් අතට අත දීම ඉතා දුර්ලභ සිදුවීමක් බැවින්.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝගේ නායකත්වයෙන් දියත් වූ කියුබානු විප්ලවයෙන් අනතුරුව කියුබාවට එරෙහිව පැන වූ සම්බාධක ඇමෙරිකා එක්සත් ජනපදය මේ දක්වාම ක්‍රියාත්මක කරයි.

මැන්ඩෙලාගේ අරගලයට සහයෝගය පළ කළ බව පවසන නමුත් තමන්ගේ රටවල අන්ත දරිද්‍රත්වයට සහ අසමානතාවයන්ට අභියෝග කිරීමට අපොහොසත් වූ සහ විරුද්ධ මත නොඉවසූ නායකයන් සිය දේශණයේ දී ජනාධිපති ඔබාමා ගේ විවේචනයට ලක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad