මහින්දානන්දගෙ අලුත් ක්‍රීඩාව - GOSSIP9.WORLD

Post Top Ad

මහින්දානන්දගෙ අලුත් ක්‍රීඩාව

Share This
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මරණ තර්ජන එල්ල වන බව පවසමින් ඔහුගේ බිරිඳ වන අඹන්පොලගේ ආශා විජයන්ති පෙරේරා මහත්මිය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. තම ජීවිතය අනතුරට පත්ව ඇතැයිද තම ජීවිතය ආරක්ෂා කර දීමට කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන්ව ඇති බව වාර්තා වේ.

මහින්දානන්ද ඇමතිවරයා සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු විසින් අල්ලස්‍ හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ගොණු කර ඇති අතර එම පැමිණිල්ල තමන් විසින් සිදුකරන්නට ඇතැයි යන සැකය ඇමතිවරයා තුළ ඇති නිසා මෙලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව විජයන්ති පෙරේරා මහත්මිය පවසයි.

කෙසේ නමුත් විජයන්ති පෙරේරා මහත්මිය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඇයගේ ආරක්ෂාව තකා ඇමතිවරයාට එරෙහිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා කඩිනමින් විමර්ශනය කරන ලෙසයි.

මේ අතර කඩුවෙල අධිකරණයේ මහින්දානන්ද ඇමතිවරයා සහ බිරිඳ අතර දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතී.

No comments:

Post a Comment

Post Bottom Ad