[DEHI NEWS] කැස්බෑව නගර සභාවේ 2014 අයවැය සන්ධානය පරාදයි - GOSSIP9.WORLD

Post Top Ad

[DEHI NEWS] කැස්බෑව නගර සභාවේ 2014 අයවැය සන්ධානය පරාදයි

Share This
කැස්බෑව නගර සභාවේ ලබන වසර සඳහා වන අය වැය පරාජයට පත්ව තිබේ. 

කැස්බෑව නගර සභාවේ පාලන බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් හොබවන අතර අද(03) අය වැය කැස්බෑව නගර සභාවේ නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. 

අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජන්ද විමසීම පැවති අතර අයවැයට විපක්ෂව ජන්ද 08ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ජන්ද 06ක් පමණය. 

කැස්බෑව නගර සභාව සභිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වන අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනෙකු සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සමන්විත වෙයි. 

අද03) දිනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අයවැයට ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad