![]() |
ශීලා ඩික්ෂිට් |
දිගු කලක් ප්‍රාන්තයේ මහ ඇමති පදවිය හෙබැවූ ශීලා ඩික්ෂිට්, පොදු ජනතා පක්ෂයේ නායක අරවින්ද් කේජරිවාල් අතින් පරාජයට පත් වූ අතර, ආසන හැත්තෑවකින් යුත් ප්රන්නත සභාවේ බලයද කොන්ග්රස් පක්ෂයට අහිමි විය.
දිල්ලි,රාජස්ථාන්, මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සභා තුනේම භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බවද මූලික ප්‍රතිඵලවලින් අනාවරණය වේ.
![]() |
අරවින්ද් කේජරිවාල් |
ඒ අතර මධ්‍යම ඉන්දීය චතිස්ගාර් ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය සහ කොන්ග්රස් පක්ෂය අතර කරට කර තරඟයක් පවතින බව වාර්තා වේ.
ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙරාතුව ප්‍රධාන පක්ෂ දෙක පිළිබඳ ජන මතය විමසා බැලෙන අවස්ථාවක් ලෙසිනුයි, මේ මැතිවරණ සැලකෙන්නේ.
No comments:
Post a Comment