දැන් ඉන්න හාල්පාරුවන්ට වඩා නදීෂා හොඳයි - ගීතා - GOSSIP9.WORLD

Post Top Ad

දැන් ඉන්න හාල්පාරුවන්ට වඩා නදීෂා හොඳයි - ගීතා

Share This
ජනප‍්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලී යමැතිවරණයට තරඟ කිරීම එජාපයේ දැන් ඉන්න හාල්පාරුවන්ට වඩා හොඳ වුවත් ඇය තරඟ කිරීමට තෝරාගත් පක්ෂය අනුමත කල නොහැකි යයි ශ‍්‍රීලනිප බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ජනප‍්‍රිය රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

" නදීෂා හේමමාලී මගේ සහෝදර නිළියක්. ඇයට මා සුබපතනවා. නමුත් ඇය මැතිවරණයට තරග කිරීම තෝරාගෙන ඇත්තේ වැරදි පක්ෂයක්. මා මේ මැතිවරණයට තරග කරන්නේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායකවරිය වශයෙන් දකුණු පළාතේ ප‍්‍රධාන ඇමති ධූරය සදහායි.

මගේ මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේද දකුණු පළාතේ ප‍්‍රධාන ඇමති ධූරය ඉලක්ක කරගෙනයි. දකුණේ ජනතාව මට ආදරෙයි. ඉදිරියේ පැවැත්වෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී මට ඉහළ ජයග‍්‍රහණයක් ගාල්ල දිස්ති‍්‍රක්කයේ ජනතාව ලබාදෙන බවට මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා...." යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad