දී.මු. ඉවතට! අගමැති ධුරය ජි.එල්.ට! - GOSSIP9.WORLD

Post Top Ad

දී.මු. ඉවතට! අගමැති ධුරය ජි.එල්.ට!

Share This
දී.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට විදේශ අමාත්‍ය, මහාචාර්ය  ජි.එල්. පිරිස් මහතා අගමැති ධුරයට පත් කිරීමේ සුදානමක් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අගමැතිවරයා ඉවත් කිරීමට බලපෑ ඇති ආසන්නම හේතුව වී ඇත්තේ, අගමැතිවරයා මත්කුඩු කන්ටේනරයක් මුදාහැරීමට රේගුවට නියෝග කල බවට ආණ්ඩුවෙන්ම එල්ලවී ඇති බරපතල චෝදනාවය.

කෙසේවුවද ආණ්ඩුව මුහුණදී ඇති අර්බුදයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා සඳුදා (16) පොහෝදින විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. වත්මන් රාජපක්ෂ ආණ්ඩුව පොහොදිනක කැබිනට් රැස්වීමක් කැඳවූ පළමු අවස්ථාව මෙයයි.


සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය දිගින් දිගටම පරාජය වීමත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධවත් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.

එසේම, එහිදී ආණ්ඩුවේ අනාගතයට බලපාන වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිතව ඇතයි ද වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad