වෝකර් නැතිව ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 ඒමට නියමිතයි - GOSSIP9.WORLD

Post Top Ad

වෝකර් නැතිව ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7 ඒමට නියමිතයි

Share This
'ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්' (Fast & Furious) චිත්‍රපට මාලවේ ප්‍රධාන චරිතයට පන පොවන පෝල් වෝකර් මෙලොවින් සමුගැනීමෙන් පසු කාහටත් මතුවූ ගැටළුව වන්නේ එම චිත්‍රපට මාලාවේ මීළඟ චිත්‍රපටය එනම් ' ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 7' (Fast & Furious 7) චිත්‍රපටය එළි දක්වනවාද නැද්ද යන්නයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන ආකාරයට චිත්‍ර පටයේ වැඩි කොටසක් රූපගත කිරීම මේ වනවිටත් අවසන් කර ඇති නමුත් නිෂ්පාදන කටයුත්ත සම්පූර්ණයෙන්ම නිම කර නොමැත.


කෙසේවෙතත්, හොලිවුඩ් රිපෝටර් සඟරාව වාර්තා කරන්නේ චිත්‍රපටය එළි දැක්වීම ප්‍රමාද විය හැකි නමුත් එය රසිකයන් අතරට නිසැකයෙන්ම ගෙන එන බවයි.


ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ නළු නිළි කැල සහ නිෂ්පාදන කණ්ඩායම ප්‍රශංසා කිරීමේ දේව මෙහෙය සමයේ රූපගත කිරීම් කටයුතු වලින් තාවකාලිකව සමුගෙන ලබන ඉරිදා (15 ) ඇට්ලන්ටා හිදී රූපගත කිරීම නැවත ආරම්භ කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad