මුහුණු පළඳනා තහනම් කළේ ආරක්ෂක හේතු නිසා මත - GOSSIP9.WORLD

Post Top Ad

මුහුණු පළඳනා තහනම් කළේ ආරක්ෂක හේතු නිසා මත

Share This
මුහුණු ආවරණ පැළඳ විශ්ව විද්‍යාලයට පැමිණීමට අවසර දෙන මෙන් මුස්ලිම් ශිෂ්‍යාවන් දෙදෙනකු මීට මාස කිහිපයකට ඉහතදී කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බව මොරටුව විශ්ව විද්‍යාල බලධාරීහු පවසති.

ආරක්ෂක හේතූන් මත එම තීරණය ගැනීමට සිදු වූ බවයි, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ගොසිප්9 කළ විමසීමකදී කියා සිටියේ.

මුහුණු පළඳනාවලට අවසර නොදීම තමන්ගේ තනි තීරණයක් නොවන බව පවසන මහාචාර්ය ජයවර්ධන, කිසිදු ආගමකට අපහාස කිරීමේ අදහසක් එහි නැති බවද අවධාරණය කරයි.

විශ්ව විද්‍යාලයක් යනු බහු සංස්කෘතික සහ බහු වාර්ගික පදනමක් සහිත ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරන ආයතනයක් බව පවසන උප කුලපතිවරයා, මුහුණ ආවරණය ගත් පිරිසක් එවැනි ආයතනයක් තුල සැරි සැරීම මගින් එහි පවතින සුහද වාතාවරණයට එල්ල විය හැකි බලපෑම සලකා බලා පාලක මණ්ඩලය එම තීරණයට එළැඹුණු බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාලයට මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ පළමු වතාව මෙය බවද උප කුලපති ආනන්ද ජයවර්ධන සඳහන් කළේය.

එම හඩ පටය පහතින් 

No comments:

Post a Comment

Post Bottom Ad