[Photos] ආණ්ඩුව ‍ගොවීන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හොරකම් කළා - GOSSIP9.WORLD

Post Top Ad

[Photos] ආණ්ඩුව ‍ගොවීන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල හොරකම් කළා

Share This
නවලක්ෂ පනස් දහසක් ගොවීන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල ආණ්ඩුව හොරකම් කළ බවත් 2012 ජනවාරී වලින් පසු ගොවීන්ට ශත 5ක් ආණ්ඩුව ගෙවා නැති බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි. 

තම ඉල්ලීම් වලට මෙවර අයවැයෙන් විසඳුම් ලබානොදීමට විරෝධය පලකරමින් ගොවීන් පිරිසක් අද කොටුව දුම්රියපළ ඉදිරිපිට අමුඩ ඇඳුමෙන් සැරසී විරෝධතාවයක නිරත වූ අතර එහිදී නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය. 

ගොවි විශ්‍රාම වැටුප් හිඟ මුදල් සමග ගෙවන ලෙසත්, ප්‍රමිතියෙන් යුත් බීජ ලබා දෙන ලෙසත්, වී වලට රුපියල් 40ක සහතික මිලක් ඇතුළු ඉල්ලීම් 6ක් අය වැයට පෙර ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් එම කිසිදු ඉල්ලීමකට ආණ්ඩුව කන් නොදුන් බව හෙතෙම කීවේය. 

මේ නිසා ආණ්ඩුව ගොවි ජනතාවගේ ගැටලුවලට සවන් දී ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය යුතු යැයි නාමල් කරුණාරත්න මහතා එහිදී අවධාරණය කළේය. 






No comments:

Post a Comment

Post Bottom Ad