නව අධිවේගයේ යතුරු පැදියෙන් ගිය රුසියානුවා මාට්ටු - GOSSIP9.WORLD

Post Top Ad

නව අධිවේගයේ යතුරු පැදියෙන් ගිය රුසියානුවා මාට්ටු

Share This
කටුනායක අධිවේගී මාර්ගයේ අද(02) උදෑසන යතුරු පැදියකින් ගමන්ගත් රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

18 කණුව පිවිසුම් මාර්ගයෙන් මෙම යතුරු පැදිය ඇතුළු වී ඇති අතර කිලෝ මීටර් 06 කණුව ආසන්නයේදී පැදිකරු සමඟ මෙලෙස පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

දක්‍ෂිණ අධිවේගි මාර්ගය හා කටුනායක අධිවේගි මාර්ගට කිසිම විටෙක අනවසර වාහන ඇතුළු කළ නොහැකි බවත්, එසේ අනවසරයෙන් වාහන ඇතුළු කළහොත් අදාළ පැදිකරු හෝ රියදුරු අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට විරුද්ධව නඩු පවර බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad