![]() |
පියා දරුවාව පෙට්ටියේ දමා යන ආකාරය |
මේ දර්ශන පෙළ හිරු ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වන්නේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මීගමුව - 18 කණුව ප්‍රදේශයේදී. සිය දරුවා පාපැදියේ පිටුපස දැල් කූඩුවක් මත දමා ගෙන යන ඔහුගේ පියා සිටින්නේ දැඩි සේ බීමතින්. දරුවා සිටි අනාරක්ෂිත බව සැළකිල්ලට ගෙන 18 කණුව ආරක්ෂක මුර පොළේ සිටි ගුවන් හමුදා නිලධාරීන් මැදිහත් වී පාපැදිකරුගේ ගමන වැළැක්වීමට උත්සාහ ගත්තා.
මේ සිද්ධියෙන් පසුව කටුනායක පොලීසිය මැදිහත්වී මේ දරුවා මුහුණදී සිටි අනාරක්ෂිත බවින් මුදාගැනීමට කටයුතු කළා. ඒ වනවිටත් දරුවා සිටියේ දැඩි තැති ගැම්මකට ලක්වයි.මෙම සිදුවීම හිරු ප්‍රේක්ෂකයා විසින්ම ජාතික ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ද ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන්ට යමක් පැවසිය නොහැකි බවයි. කෙසේ වෙතත්, කටුනායක පොලීසිය මැදිහත්වී පියාට දැඩි සේ අවවාද කොට, ළමයා ඔහු වෙත භාර දී පියවර ගත්තා.
No comments:
Post a Comment