බල්ලෝ පස්සේ යන අපේ අගමැති - GOSSIP9.WORLD

Post Top Ad

බල්ලෝ පස්සේ යන අපේ අගමැති

Share This
අගමැති දී. මූ. ජයරත්න මහතා ඊයේ (02) පවැත්වූ මාධ්‍ය හමුවකදී බල්ලන් සහ බලලුන් සඳහා ගෙන්වන ලද ආහාරවලට බදුසහන ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ එය අත්‍යවශ්‍ය කටයුත්තක් බවයි.

මුලදී එම ප්‍රශ්නය වටහාගැනීමට අගමැතිවරයාට නොහැකිවූ අතර පසුව එම ප‍්‍රශ්නය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැහැදිලිකරන ලදී. 

ඉන්පසු අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ මිනිසාට ප‍්‍රයෝජනවත් සත්වයෙකු වන බල්ලන්ට මිනිසාට වඩා සහන ලබාදීම අගයකල යුත්තක් බවයි. අග්‍රාමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන් ආකාරය පහතින් බලන්න 

මාධ්‍යයවෙදියා : අගමැතිතුමා මේපාර අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ දහයකට. මේ භාණ්ඩ දහයන් එකක් වන්නේ බළල් කෑමයි බැලු කෑමයි. ඒ ගැන ඔබතුමාගේ අදහස? 

(අගමැතිතුමාට ප්‍රශ්නය වටහාගැනීමට නොහැකිවෙයි) 
පසුව එය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැවසුවේ මෙසේය 

නිලධාරියා : භාණ්ඩ දහයකට සර් බදු සහන දීල තියෙනවලු ..එකක් තමයි බලු කෑමයි බළල් කෑමයි.. 

අගමැතිතුමා : ආ වාහන... 

නිලධාරියා : නෑ නෑ බදු සහන දීපු භාණ්ඩ ගැන අහන්නේ..? 

අගමැතිතුමා : ඔව්..මොනවටද බදු සහන දීල තියෙන්නේ? 

නිලධාරියා: එයා කියනවා බලු කෑම වලටත් දීල තියෙනවා කියලා..සත්ව ආහාර..ඒක ගැන මොකද්ද කියන්නේ කියල අහනව.. 

අගමැතිතුමා : හොඳයි නේද ඒක? ඒ කියන්නේ බල්ලා මනුස්සයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්.. බල්ලෝ ඇතිකරන්නේ ඇයි? හොරුන්ගෙන් තමන්ගේ විරුද්ධකරුවන්ගෙන් බේරෙන්න. ඊයේ පෙරේදා පොලිස් නිලධාරියෙකු ගියාම ඩී. එස් සේනානායක මහත්තයාගේ වලව්වට පරීක්ෂණයකට, අශ්වයෙක් ඉඳලා පොලසිය හපා කාළා.. බල්ලෙක් හිටිය නැති එක හොඳයි..
බල්ලෙක් හිටියනම් කොහම හපයි ද? ඒක නිසා බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි. 

No comments:

Post a Comment

Post Bottom Ad