දයාසිරිගේ අයවැය පරදින ලකුණු - GOSSIP9.WORLD

Post Top Ad

දයාසිරිගේ අයවැය පරදින ලකුණු

Share This
වයඹ පළාත් සභාවේ අයවැය පරාජයට පත්කරවීම සඳහා ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙක් කටයතු කරමින් සිටින බව ආරංචිමාර්ග සඳහන්කරයි.

මේ වනවිට එම ඇමතිවරුන්ගේ මැදිහත්වීමෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14දෙනෙකු සමග සාකච්ඡා කර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

ඔවුන් ගණන් බලා ඇති පරිදි තවත් ඡන්ද 8ක් ඔවුන්ගේ පැත්තට දිනාගත හැකිනම් අයවැය පරාජය වනු ඇත. මෙහිදී ජවිපෙ මන්ත්‍රීවරයාත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාත් අනිවාරයයෙන්ම අයවැයට විරුද්ධව ඡන්දය දෙන්නේය යන උපකල්පනයේ උවුන් සිටින නිසා එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පවත්වා නොමැතිබවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය කාලයේදී තමා විසින් යෝජනා කරන ලද පළාත් සභා සභාපති ධුර අපේක්‍ෂිකාව පරාජය කර ධර්මසිරි දසනායක මහතා එම ධුරයට පත්කිරීමට රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළ කණ්ඩා‍යම විසින් පළාත් සභා අයවැය පරාජයට පත්කිරීමටද සාකච්ඡා කෙරෙමින් පවතින බවට වූ ආරංචි කන වැකී ඇති වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා දැඩි සේ කළබල වී ඇති බවත් වාර්තාවේ.

මෙම අයවැයේදී කිසිසේත් රහස් ඡන්දයකටනම් නොයන්නේ යැයි මහ ඇමතිවරයා පවසා ඇතැයිද විශේෂ ආරංචි මාර්ග සඳහන් වාර්තාකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad