සිරිපාද පුදබිමේ ප‍්‍රධාන නගරයේ ගවයන් 1700ක් ඝාතනයට සැරසේ - GOSSIP9.WORLD

Post Top Ad

සිරිපාද පුදබිමේ ප‍්‍රධාන නගරයේ ගවයන් 1700ක් ඝාතනයට සැරසේ

Share This
විටින් විට ඔබහට ගොසිප්9 තුළින් ලංකාවේ ගව මස් හානිය පිලිබදව වාර්තා කර ඇත.මේ නවතම ගව මස් වියාපාරය වාරතා වෙන්නේ හැටන්-දික්ඔය නගර සීමාවේ ය.අසතුටට පත්වන කාරණාව වනුවේ මෙයට ජනතා හිතයිශීලී ආණ්ඩුවද සමබන්ද වීමයි.

ශ‍්‍රී පාද පුදබිමෙහි පිහිටි ප‍්‍රධාන නගරය ලෙෂ සැලකෙන හැටන් නගරයේ ලබන වසරේදී ගවයන් 1700ක් මස් පිණිස ඝාතනය කිරීමට මේ වනවිට පිඹුරුපත් සකස් වී ඇතැයි වාර්තා වෙයි.

නගර සභාවේ ආදායම් තත්ත්වය පමණක් සැලකිල්ලට ගෙන සත්ත්ව ඝාතනය පිළිබද කිසිදු තැකීමක් නොකර හැටන්-දික්ඔය නගර සභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත‍්‍රීවරුන් 2014 වර්ෂය සදහා හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදසල් 4ක් සදහා මීට ඉහත වසර වලට වඩා මෙවර ලංසු මුදල වැඩි කරමින් 2014 වර්ෂය සදහා ගවමස් වෙළදසල් 4 රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලකට ලබාදීම එයට හේතු වී ඇත.

එම ගවමස් වෙළදසල් 4 හැටන්-දික්ඔය නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු මැදිහත් වීමෙන් ඔහුගේ හිතවතුන් සිව්දෙනෙකුට ලබාදී තිබේ.

ඒ අනුව 2014 වසරේ හැටන්-දික්ඔය නගර සීමාවේ ගවමස් වෙළදාම ඒකාධිකාරියට පත්වනු ඇත. ටෙන්ඩර් පටිපාටිය අනුව 2014 වර්ෂය සදහා ලබාගත් ගවමස් වෙළදසල් 4න් දිනකට හැටන්-දික්ඔය නගර සභාවට රුපියල් 15000කට ආසන්න මුදලක් දිනපතා ගෙවීමට සිදුවන අතර මේ සදහා එක් දිනකට ගවමස් කිලෝ 800කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීමට සිදු වේ. ඒ සදහා දිනකට ගවයන් 5දෙනෙකු පමණ ඝාතනය කිරීමට සිදු වනු ඇත.එය වසරකට ගවයන් 1700ක් පමණ වේ.

මෙරට වැඩිම කිරි නිෂ්පාදනයක් පවතින්නේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ අඹගමුව කෝරලයේ වන අතර මෙම තත්ත්වය අනුව දේශීය කිරි කර්මාන්තයට ද වැඩි බලපෑමක් 2014 වර්ෂයේදී එල්ල වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad