පොල් හිඟය නිසා පොල් ආනයනය කිරීමට සිදු වෙයි - GOSSIP9.WORLD

Post Top Ad

පොල් හිඟය නිසා පොල් ආනයනය කිරීමට සිදු වෙයි

Share This
පොල් හිඟයකට මුහුණ දීම හේතුවෙන් පොල් ආනයනය කිරීමට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා බලධාරීහු පවසති.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික පොල් නිෂ්පාදනය අවුරුද්දකට ගෙඩි මිලියන 2600 ක් බව පවසන පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත ගුණතිලක මේ වසරේ එය පහල වැටීම හේතුවෙන් මැලේසියාව සහ ඉන්දුනීසියාවෙන් පොල් ආනයනය කරන බව පවසයි.ඔහු ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාශ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.


ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල වාර්ෂික පොල් පරිභෝජනය පොල් ගෙඩි 116 ක් වන අතර, දිනක ඒක පුද්ගල කැලරි අවශ්‍යතාවෙන් සියයට පහළොවක් සහ ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් සියයට පහක් ලැබෙන්නේ පොල් පරිභෝජනයෙන්. පොල් කර්මාන්තයෙන් දළ ජාතික නිෂ්පාදනයට සියයට දෙකයි දශම අටක දායකත්වයක් හිමි වේ.

2010 වසරේදී ලොව පුරාම පොල් හිඟයක් ඇති වූ බව පවසන ආචාර්ය ජයන්ත ගුණතිලක, එවර තායිලන්තයට පවා පොල් ආනයනය කිරීමට සිදු වූ බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ පොල් හිඟයට ප්‍රධානම හේතුව 2012 ඇති වූ බරපතල නියඟය බව පවසන ඔහු, කෙසේ නමුත් 2016 දි ගෙඩි මිලියන 3600 ක් දක්වා ඵලදාව වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මීට පෙර ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම පොල් ත්‍රිකෝණයට සීමා වී තිබූ පොල් වගාව දැන් රට පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් ඉදිරියේදී අස්වැන්න වැඩි විය හැකි බව බලධාරීන්ගේ බලාපොරොත්තුවයි.

No comments:

Post a Comment

Post Bottom Ad