කැසිනෝ විරෝධී පෙරමුණේ කට විතරයි - වැඩ නැත! - GOSSIP9.WORLD

Post Top Ad

කැසිනෝ විරෝධී පෙරමුණේ කට විතරයි - වැඩ නැත!

Share This
කැසිනෝ පනත (සංශෝධිත) මුළුමනින්ම හකුලා ගන්න ලෙස බලකරමින්, 'කැසිනෝ විරෝධී ඒකාබද්ධ පෙරමුණ' විසින් දෙසැම්බර් 05 දා පැවැත්වීමට නියමිතව තිබු විරෝධතාවය අභ්‍යන්තරික ගැටළුවක් හේතුවෙන් ඇණහිටින ලකුණු මතුව ඇත.

මෙම විරෝධතාවය නොවැම්බර් 27 දා පැවැත්වීමට නියමිතව තිබුනද, එය දෙසැම්බර් 05 දක්වා කල් දැමීමට සිදුවූයේද අභ්‍යන්තරික ගැටුමක් හේතුවෙනි.

මාදුළුවාවේ සෝභිත හා කථිකාචාර්ය දඹර අමිල යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් යුතුව එම පෙරමුණ ගොඩනැගීමට තීරණය කලද, ඊට අදාළ ලිපි ලේඛන සැකසීමේදී හා දේශපාලන පක්ෂ වලට හා සිවිල් සංවිධාන වලට අදාළ ආරාධනා ලිපි යැවීමේදී කැඳවුම්කරු ලෙස සෝභිත හිමියන්ගේ නම පමණක් සඳහන් කර තිබීමත්, ඊට ගොනුවීමට සිටි ජවිපෙ හිතවත් සංවිධානවල නොසතුටට හේතුවී ඇත.

කැසිනෝපනත මුළුමනින්ම හකුලා ගන්න බවට ජනාධිපතිවරයා, මහ නාහිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයින් හමුවේ සහතිකවී, එය ඉරා දමන තෙක් කැසිනෝ විරෝධී සටන ජිවිත පරිත්‍යාගයෙන් යුතුව පෙරට ගෙන යාමට එහි සංවිධායකයින් තීරණය කර තිබිණ.

මෙම 'කැසිනෝ විරෝධී ඒකාබද්ධ පෙරමුණට' ජාතික හෙළ උරුමය එක්කර ගැනීමටත්, එහි මෙහෙයුම් මණ්ඩලයට එම පක්ෂයේ නායක පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් එක්කර ගැනීමටත් අදහස් හුවමාරු කරගෙන තිබුනද ඒ සම්බන්ධයෙන් මේ දක්වා එකඟතාවයකට පැමිණ නැත.

කෙසේවුවද, මෙම විරෝධතාවයට කිසිඳු ලෙසකින් 'බොදු බල සේනාවේ' හිමිවරු එක්කර නොගන්නා ලෙසද බලපෑම් එල්ලවී ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad