ඇමති බිංදු,සමන්ට ගහලා - GOSSIP9.WORLD

Post Top Ad

ඇමති බිංදු,සමන්ට ගහලා

Share This
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මහතා බන්ධනාගාර මුලස්ථානයේදී ඊයේ (30) තමාට පහරදුන් බවට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා බොරැල්ල පොලිස්ථානය වෙත පැමිණිල්ලක්කර තිබේ.

සමන් ද සිල්වා මහතා, අන්තර් බන්ධනාගාර පාපන්දු තරගාවලිය අවසානයේ පැවති සංගීත සංදර්ශනයේ ගායන ශිල්පියෙකු ලෙස පැමිණ ඇත.

කෙසේ නමුත් අමාත්‍ය බිංදු වීරසිංහ මහතා පවසන්නේ තමන් කිසිදු පහරදීමක් සිදු නොකළ බවයි.

සමන් ද සිල්වා වේදිකාවේ සිට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාට අපහාස වන අයුරින් කතා කළ බැවින් එයට වේදිකාවට නැඟ ඔහුට අවවාදයක් පමණක් කළේ යැයිද අමාත්‍යවරයා පවසයි.

එම සිදුවීම සම්බන්ධයෙන් තමාද කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කළ බවත් ඇමතිවරයා පවසයි.

සමන් ද සිල්වා ගීතයක් ගැයීමට සැරැසෙද්දී බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා එන බවට දැනුම් දී තිබේ. 'දකින්නත් ආසයි’ යනුවෙන් සමන් ද සිල්වා එහිදී කියා ඇත.

ඒ අවස්ථාවේ එහි සිටි ඇමැතිවරයා ඔහුට පහරදුන්නැයි බොරැල්ල පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුද මෙම පහරකෑමට ලක්ව ඇතැයිද එම පැමිණිල්ලේ සදහන්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad