බන්දුල පද්මකුමාර නිසා ලේක් හවුස් කඩා වැටිලද? - GOSSIP9.WORLD

Post Top Ad

බන්දුල පද්මකුමාර නිසා ලේක් හවුස් කඩා වැටිලද?

Share This
එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ලේක් හවුස් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමා‍රගේ අත්තනෝමතික පාලනය සහ දූෂණ හේතුවෙන් එම ආයතනය කඩා වැටීමේ අවදානමකට ලක් වී ඇති බව වාර්තා වේ.

අධික ලාභ ලැබූ ආයතනයක් වූ ලේක් හවුස් ආයතනය මේ වන විට පාඩු ලබන තත්වයට පත් වී ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරයි.

සුදුසුකම් ඇති දක්ෂ කතුවරුන් ඉවත් කර ආණ්ඩු ගැති බන්දුල පද්මකුමාර මහතාගේ හිතවතුන් එම තනතුරුවලට පත් කිරීම හේතුවෙන් පුවත්පත්වල ගුණාත්මකභාවය ඉතා පහළ වැටී ඇති අතර අක්ෂර වින්‍යාස දෝෂ ව්‍යාකරණ දෝෂ අධික වී ඇතැයිද සඳහන් වේ.

නිර්ලජ්ජී ලෙස ආණ්ඩු වර්ණනාවේ පමණක් යෙදීම හේතුවෙන් ලේක් හවුස් ආයතනය මගින් මුද්‍රණය කරන පුවත්පත්වල විශ්වසනීයභාවය අඩු වී ඇති බැවින් එහි අලෙවිය ද බොහෝ ලෙස පහළ වැටී ඇත. ඒ හේතුවෙන් මේ වන විට පුවත්පත් මුද්‍රණයද අඩකින් පමණ අඩු කර ඇත. 2007 වර්ෂයේදී ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කළ ඔබ්සර්වර් පුවත්පත මේ වන විට මුද්‍රණය කරන්නේ 50,000 පමණ ප්‍රමාණයකි. මේ හේතුවෙන් පුවත්පත් වෙත දැන්වීම් ලබා දීමද ආයතන විසින් අඩු කර ඇත.

ආයතනයේ සේවකයන් ගණනය 
2009-2010 වර්ෂවලදී පමණක් සේවකයන් 1200ක් පමණ ඉවත් කර ඇති අතර විශාල වපසරියක පැතිර පැවති ලේක් හවුස් ආයතනය වේ වන විට ඉතා අවධානම් තත්ත්වයකට පත් වී ඇත. සභාපතිවරයා විසින් හෝකන්දර පිහිටි ආයතනයට අයත් අක්කර 8ක් පමණ ඉඩමක් බැංකුවට උකස් කර ලක්ෂ 275ක ණය මුදලක් ලබාගෙන තිබේ.

ආයතනයේ කඩාවැටීම හා බන්දුලගේ හොද කල  
ආයතනය කෙතරම් කඩා වැටුනද සභාපති බන්දුල පද්මකුමාර මහතා‍ට නම් හොඳ කලක් උදා වී ඇති බව සේවකයෝ චෝදනා කරති. ලේක් හවුස් සභාපතිකම ලබා ගන්නා විට කුලී නිවසක ජීවත් වූ පද්මකුමාර මහතාට අයත් නිවසක් විකිණීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කර ඇති අතර එහි වටිනාකම කෝටි 9ක් බව සඳහන් වේ. (එම දැන්වීම පහත දැක්වේ) සභාපතිකම ලබාගන්නා විට ක්‍රෙඩිට් කාඩ්පතේ බිල නොගෙවීම නිසා බැංකුවෙන් නඩු දමා තිබූ බවත් බංකොලොත් වී සිටි ඒ මහතා සුළු කාලයකදී මෙතරම් මුදලක් ඉපැයීම සම්බන්ධයෙන් සැකයක් පවතී. මේ වන විට සභාපතිවරයාගේ වත්කම් ප්‍රමාණය කෝටි 25ක් පමණ වන බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad