මැර බලයෙන් ජනප්‍රිය වීමේ දේශපාලන ප්‍රවණතාවයක් - ගායක සංගමය - GOSSIP9.WORLD

Post Top Ad

මැර බලයෙන් ජනප්‍රිය වීමේ දේශපාලන ප්‍රවණතාවයක් - ගායක සංගමය

Share This
මැර බලයෙන් ජනප්‍රිය වීමේ නව දේශපාලන ප්‍රවණතාවයක් රට තුල බිහිවී ඇතැයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පවසයි.

පසුගිය සෙනසුරාදා බින්දු වීරසිංහ දකුණු පළාත් සභා අමාත්‍යවරයා, ජනප්‍රිය ගායක සමන් ද සිල්වාට පහරදීමට විරෝධය පළ කිරීම පිණිස කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී එම චෝදනාව එල්ල කරනු ලැබුවේ ගායක ගායිකා සංගමයේ සභාපති මධු මාධව අරවින්ද විසින්.


ශ්‍රී ලංකා ඉතිහාසයේ ගායකයෙක් සින්දු කියමින් සිටින විට පහර කෑමකට ලක් වූ පළමු සිදුවීම මෙය බවද ඔහු කියා සිටියේය.


මාධ්‍යවේදීන් හමුවේ සිදුවීම විස්තර කළ අමාත්‍යවරයාගෙන් පහර කෑමට ලක් වූ බව පවසන ගායක සමන් ද සිල්වා, පොලිසියෙන් කට්ටි පනිමින් සිටින බවට චුදිත පළාත් සභා අමාත්‍යවරයාට චෝදනා කළේය.


ගායක සමන්ද සිල්වා තමාට තර්ජනය කල බවයි, බින්දු වීරසිංහ පළාත් සභා අමාත්‍යවරයා මාධ්‍යවලට ප්‍රකාශ කොට තිබුණේ.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා එම ප්‍රකාශයට පිළිතුරු දුන්නේ සිය සුපුරුදු උපහාසාත්මක වාග් විලාශයෙන්.


"මන්ත්‍රී වරයෙකුට තර්ජනය කරන්න පුළුවන් පුද්ගලයන් මේ රටේ ඉන්නවාද කියල මට සැකයක් තියෙනවා," යනුවෙන්ද ඔහු කියා සිටියේය.


"පහසුවටත් වැසියාටත් දැන දැන වැරදි කරනවා, එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා, නැතිනම් හදල කියනවා, සමහරු මවල කියනවා, සමහරු ගහල ඇඩ්මිට් වෙනවා, ගුටි කාපු එකා හිරේ යනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.


ලොව වෙනත් කිසිම රටක දේශපාලකයන් ගායකයන් පහර දීමක් වාර්තා වී නැති බවද සුනිල් පෙරේරා පෙන්වා දුන්නේය.


"කවදාහරි එල්විස් ප්‍රෙස්ලිට එල්ටන් ජෝන්ට දකින්න ලැබෙනවද ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් නැගල අඩෝ එල්ටන් ජෝන්, අඩෝ එල්විස් දැනගනින් තෝ කියල?. නමුත් පෙන්වනවා මේ අය දහම් පාසල් ගිහිල්ල දෙමාපියන් වැඳලා ඉන්න අමුතු ජාතියක් කියල."

සිදුවීමෙන් දින තුනක් ගත වී තිබුණත්, චුදිත ඇමතිවරයා සොයා ගැනීමට නොහැකි බවට පොලිසිය කරන ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළ සුනිල් පෙරේරා, ශ්‍රී ලංකාවේදී එවැනි ප්‍රකාශ පිළිබඳව පුදුම විය යුතු නැති බවයි.


"දැන් ඔය මිනීමරු කට්ටිය හිටපු ගමන් පීනන්න දන්නෑනේ. මං කියන්නේ බෙන්තර ගඟ තියෙනවා, අරව තියෙනව පොඩ්ඩක් පීනන්න ඉගෙන ගනින්. මෙච්චර ගඟවල් තියෙන රටේ මුන්ට පීනන්න දන්නෑනේ. පීනන්න ගිහිල්ල මැරෙනවා."


චුදිත අමාත්‍යවරයා හැකි ඉක්මනින් අත් අඩංගුවට ගන්නා බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ගොසිප්9 කළ විමසීමකදී කියා සිටියේ.

"දුරකථන මාර්ගයෙන් ඔවුන් පොලිසියට පැමිණෙන බව ඔවුන් පැවසුවා, නමුත් පැමිණියේ නැහැ පොලිසියට, ඒ නිසා අද පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කළා ඔවුන් අත් අඩංගුවට ගන්න," බවයි ඔහු පවසන්නේ.



-සබැදි පුවත්- 
ඇමති බිංදු,සමන්ට ගහලා


No comments:

Post a Comment

Post Bottom Ad