බංග්ලාදේශ ඉස්ලාමීය නායක අබ්දුල් කාදර්ට මරණීය දණ්ඩනය - GOSSIP9.WORLD

Post Top Ad

බංග්ලාදේශ ඉස්ලාමීය නායක අබ්දුල් කාදර්ට මරණීය දණ්ඩනය

Share This
බංග්ලාදේශයේ ඉස්ලාමීය විපක්ෂ නායක අබ්දුල් කාදර් මොල්ලාට එරෙහි මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබුණි.

බංග්ලාදේශය,1971 වසරෙහි පාකිස්තානයට එරෙහිව ගෙන ගිය නිදහස් අරගලයේදී මානව වර්ගයාට එරෙහිව සාපරාධී ක්‍රියාවන්හි නිරත වූ බවටයි, අබ්දුල් කාදර් මොල්ලා චෝදනා ලැබ සිටියේ.

ජමාට්-ඉ-ඉස්ලාමි (Jamaat-e-Islami) පක්ෂයේ නායකයකු වන අබ්දුල් කාදර් මොල්ලා ඔහුට එරෙහිව නියම කර තිබුණ මරණීය දණ්ඩනයට එරෙහිව අවසන් මොහොතේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනය විභාග කොට විනිශ්චයක් ලබා දෙන තෙක් මරණ දඬුවම ක්‍රියාවට නැංවීම පසුගිය අඟහරුවාදා කල් තබනු ලැබයි තිබුණේ.

ජනාධිපති සමාව

නඩු තීන්දුවට එරෙහිව නීතිවේදියෝ උද්ඝෝෂණයේ.
බංග්ලා දේශයේ නීතිපති මහ්බුබ් ඉ අලාම් බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ,නඩුවට අදාළ නෛතික ක්‍රියාදාමය අවසන් වී ඇති අතර, චූදිතයාට ජනාධිපති සමාවක් දීමේ ඉඩකඩ පවතින බවයි.

බංග්ලාදේශ් විශේෂ යුද අපරාධ අධිකරණයක් විසින් ඉස්ලාමීය නායකයන්ට කීප දෙනකුට මේ වසරේ මරණීය දණ්ඩනය නියම කරනු ලැබ ඇති අතර, අබ්දුල් කාදර් මොල්ලාට එරෙහි දඬුවම ක්‍රියාත්මක කෙරුනොත් එය එම දඬුවම ක්‍රියාවට නැංවූ පළමු අවස්ථාව බවට පත් වෙයි.

‘ඩකා’ අගනුවර ද ඇතුළුව රට පුරාම ආරක්ෂක රැකවරණ තර කරනු ලැබ ඇති බවයි,බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad