'www' නිර්මාතෘ අන්තර්ජාලයෙන් ඔත්තු බැලීම හෙළා දකී - GOSSIP9.WORLD

Post Top Ad

'www' නිර්මාතෘ අන්තර්ජාලයෙන් ඔත්තු බැලීම හෙළා දකී

Share This
තොරතුරුවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා දත්ත සංකේත කරණයට ඔත්තු සේවා ආයතන මගින් කෙරෙන ආක්‍රමණය, අන්තර්ජාලය ලොවට හඳුන්වා දුන්, ටීම් බර්නස් ලී (Tim Berners Lee) විසින් හෙළා දකිනු ලැබ තිබේ.

ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව විද්‍යුත් පණිවුඩ හුවමාරුවලට සවන් දෙන බවට, රටින් පිටුවහල්ව සිටින ඇමරිකානු රහස් ඔත්තු විශ්ලේෂක එඩ්වර්ඩ් ස්නොඩන් විසින් අනාවරණය කරනු ලැබීමෙන් පසුවයි ඔහු මේ විවේචනය එල්ල කර ඇත්තේ.

අන්තර්ජාලය හරහා කෙරෙන අපරාධ සහ යුද ගැටුම් වැළැක්වීමේ උත්සාහයන්ට බාධා කරමින් එම රටවල් අන්තර්ජාලයේ සන්නිවේදන තාක්ෂණය දුර්වල කොට ඇතැයි ටීම් බර්නස් ලී ප්‍රකාශ කළේය.

බුද්ධිමය තොරතුරු සහ ආරක්ෂාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව විසින් බ්‍රිතාන්‍ය ආරක්ෂක සේවාවල බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳ ව ප්‍රශ්න කිරීමට නියමිතව තිබියදීයි ඔහු මේ බව කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad