රාධිකාට, ලෝක විවාහක රූ රැජිණ තරගයේදී රන් පදක්කමක් - GOSSIP9.WORLD

Post Top Ad

රාධිකාට, ලෝක විවාහක රූ රැජිණ තරගයේදී රන් පදක්කමක්

Share This
වසර 2013 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී හොඳම ජාතික ඇඳුම තේරීම සඳහා පැවති තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රධිකා තිළිණි ගුණවර්ධන සමත් වූවා ය.

රධිකා, හොඳම ජාතික ඇඳුමට හිමි රන් පදක්කම දිනා ගත්තේ ඇමරිකාව, එංගලන්තය, චීනය, රුසියාව ඇතුළු රටවල් 40ක් අභිබවා යමිනි.

පසුගිය 14 වැනිදා ආරම්භ වූ විවාහක රූ රැජිණ තරගය ඊයේ (27) චීනයේදී අවසන් විය.

ඇමරිකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ විසිහය හැවිරිදි කෙලී ස්පාර්ලි 2013 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය.

මෙහි අවසන් වටයේදී ජාතික ඇදුම්, බිකිනි හා සැදෑ ගවොම් යන අංශ ත්‍රිත්වය ඔස්සේ ඊට ඉදිරිපත්ව සිටි තරගකාරියන් තරග වැදුනි.

දෙවැනි හා තෙවැනි ස්ථාන දිනාගැනීමට පිළිවලින් එංගලන්තය නියෝජනය කළ තිස් එත්හැවිරිදි රොබින් මොරිසන් හා සිංගප්පූරුව නියෝජනය කළ කිම් මාරියා මාටින් සමත්වූවාය.

වියට්නාම් තරුණියක් මෙහි අවසන් සයදෙනා අතරට පැමිණීමට සමත්වීම මෙවර ලෝක විවාහක රූ රැජිණ තරගයේ විශේෂ සිද්ධියක් විය.

No comments:

Post a Comment

Post Bottom Ad