ජාතික රහස් පාකිස්ථානයට - GOSSIP9.WORLD

Post Top Ad

ජාතික රහස් පාකිස්ථානයට

Share This
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වන සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීව දත්ත සියල්ල පාකිස්ථානයට ලබාගත හැකිවන ටෙන්ඩර් ප‍්‍රදානයකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 14 වෙනිදා අනුමැතිය ලබාදී තිබේ.

'පුද්ගලයන්ගේ දත්ත ඇතුළත් අයදුම්පත් ස්කෑන්කොට පුද්ගල ලියාපදිංචිය වෙත විද්‍යුත්කරණය කිරීම සහ රැස්කරගත් දත්ත බෙදාහැරීම පිළිබඳ සේවාවන්’ යනුවෙන් සඳහන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 18/2013 යටතේ, මෙම අනුමැතිය ලබාදී තිබේ.

කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙය සරල ටෙන්ඩර් ප‍්‍රදානයක් නොවන බවය. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට නායකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ ජේම්ස් පැකර්ගේ කැසිනෝ සූදුවට අවසර දීමටද ඉන්දියාවට සාම්පූර් පවරා දීමටද අනුරූපීව පාකිස්ථානයට ලංකාවේ සියලු පුරවැසියන් පිළිබඳ තොරතුරු ලබාදීම පාවාදීමක් බව කියැවේ.

මීට අදාළ ටෙන්ඩර් පත් කැඳවීමේදී අඩුම ලංසුව වූ රුපියල් හතලිස් දෙකෝටි හතළිස් පන්ලක්ෂය (424500,000)ක මුදල ඉදිරිපත් කර තිබෙන්නේ M/S JAVI Systems India  (pvt) Ltd සහ M/S Mascon computer service pvt Ltd යන බද්ධ සමාගම් විසින්ය. තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් එය ප‍්‍රතික්ෂේප කර තිබේ.

ඉන්පසුව M/S Informatics (pvt) Ltd සහ M/S Srilanka and National Data base and Registration Authority Pakistan නම් සමාගම විසින් ඉදිරිපත් කෙරුණු ටෙන්ඩරය මුලදී ප‍්‍රතික්ෂේප කර පසුව එය අනුමත කර තිබේ. එම සමාගමේ ලන්සුව රුපියල් හැත්තෑ එක්කෝටි
පනස්අටලක්ෂ පනස් අටදහස් දෙසිය හයයි හත අනූනවයකි. (රුපියල් 715858206.99)

සමාගමේ කාර්යභාරය ගැන මෙසේ සඳහන් ය. ‘‘සියලූම සුදුසුකම් ලැබූ පුද්ගලයන්ගේ ජීව දත්තයන් (Bio - Data) හා ජීව ලක්ෂණ දත්ත (Biornetrics) මිනිස් ශ‍්‍රමය යොදා එක්රැස් කරනු ලබයි. මෙම දත්ත ස්කෑ-න්කොට වි්‍යුත් ආකෘතියක් වෙත පරිවර්තනය කර ජාතික පුද්ගල ලියාපදිංචිය වෙත කාණ්ඩයක් ලෙස බාගත (Download) කරණු ලබයි.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ සමස්ත මානව සම්පත සතු දත්ත සියල්ල පාකිස්ථානයට ලබාගත හැකිය. මේ දක්වා එම තොරතුරු පුද්ලගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව පමණක් තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad