කුරුවිට පොලීසිය අයාලේ යන හරක් අල්ලන මුවාවේන් හරක් මස්කඩයට දක්කයි - GOSSIP9.WORLD

Post Top Ad

කුරුවිට පොලීසිය අයාලේ යන හරක් අල්ලන මුවාවේන් හරක් මස්කඩයට දක්කයි

Share This
අද දින අයාලේ යන හරක් ඈල්ලීමට නියොගයක් ලැබී ඈතැයි පවසමින් ගවයන් ඈල්ලීමට කුරුවිට පොලීසියේ බීමත් නිලධාරීන් දෙදෙනෙකු හා ගව මස් කඩ හිම්යෙකු හා පශු වෛද්ය නිලධාරීන් දෙදෙනෙකු දැරෑ උත්සහය පණුකෑරෑපිටිය  ප්‍රදේයෙදී භික්ෂූන් වහනසේ ප්‍රදේශවාසීන් හා ග්‍රාමනිලධාරී එක්ව නවතාලන ලදි. 

මෙහි ති හාස්යජනක කරුණ වන්නේ හොදින් වැඩුණු හරකුන් ගව මස් කඩ හිම්යාගේ ලොරියටත් අනෙක් උන් ප්‍රදේශීය සභාවේ ට්රැක්ටරයටත් පැටවීමයි. නිර්වින්දනය කරන ලද උන් ඉතා අමානුශික ආකාරයෙන් බැකො යන්ත්රයක් මගින් ලොරියට පටවන ලද අතර මෙයට විරුද්ධවු  ප්‍රදේශවාසීන්ට සිවිල් ඈදුමින් සැරසුනු නිලධාරීන් පරැෂ වචනයෙන් බැණ වැදුණු අතර පිහියක් පෙන්වා තර්ජනය කරන ලදි. 


මෙම ප්‍රදේශය කුරුවිට පොලිසියට අයත් නොවන අතර අතුරු මාර්ග වල හා අයිති කරුවන් ඈති ගවයන්ද නිර්වින්දනය කර ඈල්ලීමට කටයුතු කර ඈත.


ගවයන් 6 දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති අතර ඉන් 3 දෙනෙකු කුරැවිට පොලීසියේ ඈති අතර ගවමස් හිමියාගේ ලොරියට පැටවූ 3 දෙනා සොයා ගැනීමට නොහැකි වී ඇත. පොලිසිය හා පශු වෛද්ය නිලධාරීන් පවසනුයේ 3 දෙනෙකු පමනක් රැගෙන ආ බවය. ප්‍රදේශවාසීන් ඉතිරි ගවයන් 3 දෙනා සෙවීමට මේ අවස්ථාවේ උත්සහ ගනිමින් සිටින අතර ප්‍රදේයේ තැනින් තැන බැකෝ යන්ත්රය මගින් පැටවීමට උත්සහ කිරීමේදී කකුල් කැඩුණු ගවයන් වැටී සිටින අතර ගැබ්බර එලදෙනුන් හා වසු පැටවුන් මේ අතර වේ. රත්නපුර පොලීසියේ නිලධාරියෙක් පැවසූවේ ආරක්ෂිත ස්ථානයකට රැගෙනයාමට මෙම ගවයන් අල්ලා ඇති බවයි. එසේ වුවද එය සිදු කල අමානුෂික ආකාරය හා මස් කඩ හිමියෙකු සම්බන්ධවීම ගැන ප්‍රදේශවාසීන් මවිත වෙයි. 


ගවයන්ගෙන් ජනතාවට සිදුවන හානි අවම කිරීමට මෙම ක්‍රියාව හොද වුවත් ඔවුන් මස් කඩයට ගෙන නොයා යුතුය.


-මෙම පුවත සැපයු පුත්ගලයාට අපගේ තුති 

ඔබත් පුවත් දැනගත් විගසින් අප හට එවන්න! ඒ සදහා මෙතන බලන්න 

No comments:

Post a Comment

Post Bottom Ad