මෛත්‍රීගේ කැපිල්ලේම දිගුවක් : පේෂලගෙන් අධ්‍යාපනය ගලවයි - GOSSIP9.WORLD

Post Top Ad

මෛත්‍රීගේ කැපිල්ලේම දිගුවක් : පේෂලගෙන් අධ්‍යාපනය ගලවයි

Share This
උතුරු මැද පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය පේෂල ජයරත්න මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා තීරණය කර ඇති බව උතුරු මැද පළාත් සභා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්දයෙන් තමා නොදන්නා බවත් මෙය තමන්ට සිදුකරන දේශපාලන කැපිල්ලක් බවත් පේෂල ජයරත්න මහතා පවසයි.

කෙසේ නමුත් පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයද තමාට පිරිනැමීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විසින් අවස්ථා කිහිපයකදීම තමන්ට දැනුම් දුන් බව කේ. එච්. නන්දසේන මහතා ප්‍රකාශරයි.

උතුරු මැද පළාතේ අධ්‍යාපනයේ අධ්‍යාපනික කටයුතු දිනෙන් දින අවුල් සහගත තත්ත්වයකට පත්වීම මෙන්ම ප්‍රධාන ඇමැතිවරයා ලෙස තමන්ගේ උපදෙස් හා නියෝග කඩකරමින් කටයුතු කිරීම හේතුවෙන් පේෂල ජයරත්න මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බව ප්‍රධාන අමාත්‍යවරයා සහන් කර තිබේ.

කෙසේ වෙතත් පළාත් සභාවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පළාත් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා ලෙස පේශල ජයරත්න මහතා විසින් ගනු ලැබු යම් යම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුරුවරුන්ගෙන් චෝදනා එල්ලවන්නේ යැයි සඳහන් කරමින් මෙසේ ඔහු එම ධූරය ඔහුගෙන් ඉවත් කිර ඇති බයි. පේෂල ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු පුද්ගලික ලේකම්වරයෙකි. ඔහු මෛත්‍රීපාල වාදියෙකු බවට පළාතේ ඉහළ දේශපාලන අධිකාරය නිතර කියන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.

මීට පෙර දිනමිණ පුවත් පතේද උතුරුමැද අධ්‍යාපන අමාත්‍යවරයා ඉලක්ක කර ගණිමින් අධ්‍යාපනයේ අව්ල් වියවුල් වාර්තා කර තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad