ෆීලික්ස් රාජිතට ලුණුඇඹුලෙන්ම කියා දෙයි - GOSSIP9.WORLD

Post Top Ad

ෆීලික්ස් රාජිතට ලුණුඇඹුලෙන්ම කියා දෙයි

Share This
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දේශීය ධීවර කර්මාන්තය විනාශයකරා දක්කමින් සිටින බවත් වංචාකාර පුද්ගලයින් ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් බවට පත් කර ඇති බවත් හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා චෝදනා කරයි.

ඔහු පවසන්නේ රාජිත සේනාරත්න මහතා දේශීය ධීවර කර්මාන්තයේද දත් ගලවමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ දැන් දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් එකිනෙකාට එරෙහිව ප්‍රසිද්ධියේම විවේචන එල්ලකරගැනීමට පටන්ගෙන ඇති බවයි. මෙයින් පිළිබිඹුවන්නේ අලු යට දැවෙන ආණ්ඩුනේ ගිනි පුපුරු එළියට ඒමක් බවත් ඔවූහු වැඩිදුරටත් පවසති.

තමන්ද නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන රාජිත සේනාරත්න මහතාට එරෙහිව ෆීලික්ස් පෙරේරා මහතා පෙරේදා (04) පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් සිදු කළ අතර ඊට අදාල වීඩියෝව පහතින් පළ වේ.

No comments:

Post a Comment

Post Bottom Ad