ක්ෂමා කාලය හමාරයේ ශ්‍රී ලාංකිකයන් සවුදි අත් අඩංගුවේ - GOSSIP9.WORLD

Post Top Ad

ක්ෂමා කාලය හමාරයේ ශ්‍රී ලාංකිකයන් සවුදි අත් අඩංගුවේ

Share This
වීසා කාලය හමාර වූ විදේශීය සේවකයන් වෙනුවෙන් ලබා දී තිබූ ක්ෂමා කාලය අවසානයේත් හාම්පුතකු සොයා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු සවුදි අරාබියේ බටහිර කලාපයේදී අත් අඩංගුවට ගෙන තිබෙන බව බලධාරීහු පවසති.

ක්ෂමා කාලය අද නිමාවට පත් වන නමුත් තවත් 1200 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසකට තවමත් හාම්පුතකු සොයා ගැනීමට නොහැකි වී ඇති බව ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කම්කරු කටයුතු පිළිබඳ පළමු ලේකම් එම්බීඑම් සරූක් ගොසිප්9 වෙත පැවසීය.

ඒ අය අතරින් පනහකට අධික පිරිසක් කොන්සල් ජනරාල් කාර්යාලයේ රැඳවුම් කඳවුරේ සිටින අතර වැඩි දෙනා කාන්තාවන් බැවින් ඔවුන්ට සිය නිවාසවලම රැඳී සිටීමට අවසර ලැබී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙසේ හාම්පුතුන් නොමැතිව රැඳී සිටින පිරිස යලි ශ්‍රී ලංකාවට පිටත් කිරීම පිණිස සවුදි බලධාරීන් සමඟ එක්ව කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවත් ජෙඩා නුවර කොන්සල් කාර්යාලයේ පළමු ලේකම් එම්බීඑම් සරූක් සංදේශයට පැවසීය.

මෙම පොදු සමා කාලය යටතට නොගැනෙන තවත් ශ්‍රී ලාංකිකයන් 300 කට ආසන්න පුරුෂයන් පිරිසක් රටින් පිට කිරීම පිණිස අදාළ කර්මාන්ත ශාලා කටයුතු කරමින් සිටින බවට වාර්තා ලැබී ඇතැයිද සඳහන් කළේය.

ජෙඩා නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන්නේ සෞදි අරාබියේ බටහිර කලාපයේ කටයුතු සම්බන්ධයෙන්.

ක්ෂමා කාලය අවසාන වීමත් සමඟ මතු වී තිබෙන තත්වය විමසීම සඳහා රියාද් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

පොදු සමා කාලය හමාරයේ ශ්‍රී ලාංකිකයන් දස දහසක් මේ වන විට යලි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර, තවත් හය දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාව බලා ඒම පිණිස එහි රැඳී සිටින බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය මේ අතර පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad