රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළේ නැහැ - විග්නේස්වරන් - GOSSIP9.WORLD

Post Top Ad

රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කළේ නැහැ - විග්නේස්වරන්

Share This
ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං ට යාපනයට පැමිණෙන ලෙස තමන් ප්‍රකාශ කළේ රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියි.

ඊයේ සහ අද යාපනයේ සංචාරයක නිරත වූ යුරෝපීය සංගමයේ නියෝජිතයන් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මහා ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේ.


මාධ්‍යවේදීන්ගෙන් නැගුණ ප්‍රශ්නය වූයේ, ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට කැඳවීමට උත්සාහ දරන්නේ වක්‍රාකාරයෙන් ඔහු පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නයක් සමුළුවට සහභාගි කරවා ගැනීමේ අරමුණෙන් නොවේ ද යන්නයි.


ඉන්දියාවේ දැඩි බලපෑම මත රජය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිසා දෙමළ ජාතික සන්ධානයට එහි බලය තහවුරු කර ගැනීමට හැකි වූ බැවින් ඊට කෘත ගුණ සැලකීමක් වශයෙන් තමන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියා සිටියේ.


ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් තමන් හමු වූ අවස්ථාවාදී ඉන්දියාවට පැමිණෙන ලෙස තමන්ට ආරාධනා කළ බව පැවසූ මහ ඇමති විග්නේස්වරන්, තමන් ද දෙපාර්ශ්වය අතර සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට ඇති අවංක උත්සාහය නිසා එම අවස්ථාවාදී ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස ආරාධනා කළ බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad