ඉන්දීය අගමැති කොළඹ එන ලකුණු - GOSSIP9.WORLD

Post Top Ad

ඉන්දීය අගමැති කොළඹ එන ලකුණු

Share This
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ඉන්දීය අගමැතිවරයා සහභාගී වන ලකුණු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අගමැති මන්මෝහන් සිං සහ කොන්ග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වාර්තා පළ වූයේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බාරුද්දීන් මාධ්‍ය වේදීන්ට කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට ඉන්දීය අගමැතිවරයා ගේ සහභාගිත්වය පිළිබඳ ව තවමත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

කොළඹ දී පැවැත්වෙන පොදු රාජ්‍ය සමුළුවට සහභාගී නොවිය යුතු බවට තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුව ඒ බව ඉන්දීය මහ ආණ්ඩුවට දැනුම් දී තිබුණි.

ඉන්දීය අගමැතිවරයා පොදු රද සමුළුවට සහභාගී වන බවට පැතිර යන රාවයට ප්‍රතිචාර දක්වමින් තමිල්නාඩු වේ ඩී එම් කේ හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය යළි අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව යුද අපරාධ කල බවට එල්ල වී තිබෙන චෝදනා වලට වලංගු
භාවයක් ලබා දීම සඳහා මෙම සමුළුව සහමුලින්ම වර්ජනය කල යුතු බවයි.

ඉන්දීය අගමැතිවරයා සමුළුවට සහභාගී වුවහොත් ‘ඔහුගේ පක්ෂයට ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැ’යි ඩී එම් කේ පක්ෂ නායක එම් කරුණානිධි මෙහිදී තව දුරටත් කියා සිටියේය.

මේ අතරතුර තමිල්නාඩුවේ ප්‍රභල නායකයෙකු වන ඉන්දීය නාවික ඇමති ජී කේ වාසන් ද ඉන්දීය අගමැතිවරයා හමු වී ඇති අතර ‘දෙමළ ජනතාව ගේ සිතුම් පැතුම් සලකා බලා’ පොදු රද සමුළුව වර්ජනය කරන ලෙසට දැඩි ඉල්ලීමක් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad