තවිෂ ලකිඳු පීරිස්ගේ අවමගුල කොළඹදී - GOSSIP9.WORLD

Post Top Ad

තවිෂ ලකිඳු පීරිස්ගේ අවමගුල කොළඹදී

Share This
පසුගිය මාසයේදී බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් නගරයේදී මරා දැමුණ විසි පස් හැවිරිදි තවිෂ ලකිඳු පීරිස් තරුණයාගේ අවමගුලට සියයකට වැඩි ඥාති මිත්‍රාදීහු සහභාගි වී සිටියහ.

ෂෙෆීල්ඩ් හලම් (Shefield Hallam) සරසවියෙන් උපාධිය ලැබූ තවිෂ ලකිඳු පීරිස් තරුණයා පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පිහියෙන් ඇන මරා දමා තිබුණේ ඔහු නිවසකට පිට්සා රැගෙන යමින් සිටියදී.

ඔහුගේ මාමා කෙනකු සහ ෂෙෆීල්ඩ් හි සිට පැමිණ සිටි සමීපම මිතුරෙකුද අවමගුල් උත්සවය පිරිස අතර සිටි අතර, තවිෂ ගේ මල සිරුර රැගෙන ඒම සඳහා බ්‍රිතානයට පැමිණි ඔහුගේ සොහොයුරා සහ දෙමාපියන් ලබා දුන් සහයෝගයට බ්‍රිතාන්‍ය පොලිසියට සහ බලධාරීන්ට ස්තුති කළහ.

තවීෂ මිය ගොස් ඇතැයි යන්න තමන්ට තවමත් අදහා ගත නොහැකි බවද ඔවුහු කියා සිටියහ.

තවිෂ ලකිඳු පීරිස් ඝාතනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඩ් හි දෙදෙනකුට මිනීමැරීමේ චෝදනා ඉදිරිපත් කොට තිබෙන අතර, පසුගිය සිකුරාදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.



No comments:

Post a Comment

Post Bottom Ad