තෙන්දුල්කාර් පැසසීමට තාලිබාන් විරෝධය - GOSSIP9.WORLD

Post Top Ad

තෙන්දුල්කාර් පැසසීමට තාලිබාන් විරෝධය

Share This
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වසර විසි හතරක අගනා සේවයකින් පසු විශ්‍රාම ගත් සුපිරි ක්‍රිකට් තරුවක් වූ සචින් තෙන්දුල්කාර් පැසසීම නවතා දමන ලෙස පකිස්ථානයේ තලිබාන් කැරලිකරුවන් එරට මාධ්‍ය වෙත අනතුරු ඇඟවීමක් කර ඇත.

සමස්ථ ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවෙක් වූ තෙන්දුල්කාර් මේ මස මුලදී විශ්‍රාම ගැනීමෙන් පසු පකිස්තානු මාධ්‍ය මගින් අතිශය වර්ණනාවට ලක්වී තිබුණි.

එක් පුවත්පතක් ඔහු තෙන්දුල්කාර් හඳුන්වා දී තිබුණේ අසමාන විශිෂ්ටයෙක් ලෙසයි.

වීඩියෝ පණිවුඩයක් නිකුත් කළ තලිබාන් ප්‍රකාශක ශෛදුල්ලා සහිඩ් කියා තිබුණේ කෙතරම් දක්ෂයෙකු වුවත් පකිස්තානු මාධ්‍ය මගින් ඔහු වර්ණනා කිරීම නොකළ යුතු බවයි.

තෙන්දුල්කාර් වර්ණනය 'පකිස්තාන් ජාතික වාදයටත්, පකිස්තානයේ කෙරේ ඇති පක්ෂපාතිත්වයටත්' විරුද්ධ බවයි ඔහු කියා සිටියේ.

ඒ වෙනුවට පහළ මට්ටමේ ක්‍රීඩකයෙක් වුවත් පකිස්තානු ක්‍රිකට් නායක මිස්බාර් අල් හක් ට සහය පළ කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad