කොලේ වහන්න මාධ්‍ය ‍ප්‍රකාශක මුසාවක් කියලා - GOSSIP9.WORLD

Post Top Ad

කොලේ වහන්න මාධ්‍ය ‍ප්‍රකාශක මුසාවක් කියලා

Share This
කොළඹ නගර ශාලාව අසළ පසුගියදා මහා පරිමාණ සූදු පොළක් වටලා සැකකරුවන් 45 දෙ‍නෙකු අත්අඩංගුවට ගනු ලැබූ මෙහෙයුමෙන් පසු පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක හා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා හැර පොලිස් නිලධාරීන් 23 දෙනාම මාරුකිරීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළ වන බැවින් එය නිවැරදි කිරීමට යැයි පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකු කර ඇතත් එම නිවදේ‍නයේ යම් යම් කරනු අසත්‍ය බව වාර්තාවේ.

මෙම‍ පොලිස් නිලධාරීන් 23දෙනා මාරුකිරීමට ප්‍රධාන හේතු දෙකක් එම නිවෙදනයේ සඳහන් කර තිබේ.

ඉන් එක් හේතුවක් වශයෙන් දක්වා ඇත්තේ පොලිස් කොස්ථාපල් වරුන් දෙදෙනෙකු පසුගිය සැප්තැම්බර් 9වෙනිදා මඩපාත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක් කොල්ලකෑම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂීත බන්ධනාගාර ගත කර සිටි බැවින් ඔවුන්ට ස්ථාන මාරු ලබාදීමයි.

කෙසේ නමුත් එය සිදුවූ දින ආසන්නයේම එම සිදුවීමට සම්බන්ධව පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් මහතා කෝපායි පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස උසස් කර යවා ඇති අතර පොලිස් සැරයන් නිමල්, පොලිස් සැරයන් ජයවීර, පොලිස් කොස්තාපල් කමලසිරි, පොලිස් කොස්තාපල් සමීර සහ තවත් පොලිස් නිලධාරියෙකු සමග 06දෙනෙකුට මාරුවීම් ලබාදී තිබේ. ඉන් එක් නිලධාරියෙකු නැවත එම පොලිස් කොට්ඨාශයටම තම මාරුවීම සකසාගෙන ඇත.

ඔවුන් 7දෙනොම ඒ වනවිට සේවය කර ඇත්තේ සංවිධානාත්මක හා අපරාධ විමර්ශන කොට්ඨාසයේ වුවද එහි සිටියදීම කොළඹ අපාරධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත කුලතිලක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 2013.01.22 දිනැති ලිපිය මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට තාවකාලිකව අනුයුක්ත කර තිබී ඇත. එහිදී ඔවුන් වැටලීම් සිදු කර ඇත්තේ සෘජුවම පොලිස්පතිවරයාගේ නියෝග යටතේය.

ඉන් පැහැදිලි වන්නේ මෙම නිලධාරීන් 23දෙනාගේ මාරුකිරීම් සඳහා උක්ත සිදුවීම අදාළ නොවන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තම නිවේදනයෙන්, අපාරධ විශය භාර නියෝජ්‍ය පොලිස් පති අයි. එම්. කරුණාරත්න මහතා ඔක්තොම්බර් මස 24 වෙනි දින පොලිස් පති ඉලංගකෝන මහතා වෙත ඉදිරිපත් කර ඇති වාර්තාව උපුටා දක්වමින් ඉදිරිපත් කරන දෙවෙනි කාරනාවට අනුව මෙම පොලිස් නිලධාරීන් මාරුකිරීම සඳහා බලපා ඇත්තේ වසරකට වැඩිකාලයක් මෙම කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් වීමය.

එහෙත් මාස 6ක සේවාකාලය පවා සම්පූර්ණ නොකළ නිධාරීන් දෙදෙනෙකුද එම මාරුවීම් ලැබ ඇති නිලධාරීන් 23දෙනා අතර සිටින බවත් වාර්තාවේ.

පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක හා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාගේ මාරුකිරීම සිදු නොකිරීමට හේතුව පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඔහු රාජකාරියේ යොදවා ඇති බවත් එම රාජ්‍ය නායක සමුළුව අවසන් වූ වහාම ඔහුටද ස්ථානමාරුවීමක් නියමිත බවත් වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad