මස 3කට කොකා-කෝලා තහනම් - GOSSIP9.WORLD

Post Top Ad

මස 3කට කොකා-කෝලා තහනම්

Share This
ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට ලබාදී ඇති සියලු බලපත්‍ර මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය ඇතුලත් නොකරන ලද කොකා කෝලා බෝතලයක් විකිණීම සඳහා බෙදා හැරියේ යයි චෝදනා තුනකට වෙන් වෙන්ව රුපියල් පන්දහස බැගින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක්ද මෙහිදී නියම කර ඇත.

නියෝගය අනුව මාස තුනක කාලයක් බියගම තේක්කවත්තල කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම තහනම් වෙයි.

කෙසේ වෙතත් මේ නියෝගයට එරෙහිව උතුරු මැද පළාත් බද මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බව කොකා කෝලා සමාගම තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad