ජනාධිපති මාධ්‍ය හමුවෙන් චැනල් 4 කැපේ! - GOSSIP9.WORLD

Post Top Ad

ජනාධිපති මාධ්‍ය හමුවෙන් චැනල් 4 කැපේ!

Share This
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මාධ්‍ය ආවරණය සඳහා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ස්ථාපිත මාධ්‍ය මධ්‍යස්ථානය වෙත බි‍්‍රතාන්‍ය චැනල්-4 මාධ්‍ය කණ්ඩායමේ කැලම් මැක්රේ මහතා පැමිණි අවස්ථාවේ එහි තරමක් කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇත.

කැලම් මැක්රේ මහතා වටකරගත් මාධ්‍යවේදීන් ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නට හා එය වීඩියෝ කරන්නට පටන්ගත් බැවින් මෙලෙස කලබලයක් ඇතිවී තිබේ.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් මැක්රේ මහතා පවසා ඇත්තේ, තමන් ශ‍්‍රී ලංකාවට එරෙහිවූවෙක් නොවන නමුත් අවසන් ගැටුම් සමයේ මෙරට සිදුවූ සිදුවීම් සම්බන්දයෙන් දෙපාර්ශ්වය පිළිබඳවම ප‍්‍රශ්න ඇති බවයි.

එමෙන්ම තමන් ඇතුළු චැනල්4 මාධ්‍ය කණ්ඩායම වව්නියාව බලා දුම්රියෙන් ගමන් ගනිද්දී අනුරාධපුර ප‍්‍රදේශයේ දී දම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවේ නිරතවූයේ කවුරුන්ද යන්න පිළිබඳවත් තමන්ට ගැටලූවක් ඇතැයි මැක්රේ මහතා  සඳහන් කර ඇත.

කැලම් මැක්රේ මහතා එම ස්ථානයට පැමිණ තිබුණේ අද පස්වරුවේ පැවැත්වෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමතීමට නියමිත මාධ්‍ය හමුව ආවරණය සඳහා තමන් ඇතුළු තම නාළිකාවේ මාධ්‍ය කණ්ඩායමේ නම් ඇතුළත් වී ඇත්දයි බැලීමටයි.

එහෙත් එම නම් ලැයිස්තුවේ ඔවුන්ගේ නම් සඳහන් නොවූ බව වාර්තා වේ.

මාධ්‍ය මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කොට මැක්රේ මහතා වෙතින් සෙසු මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ද එහි නිලධාරීන්ට සිදුවිය.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා හා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් සහභාගිවීමට සිටි මාධ්‍ය හමුව අවසන් මොහොතේදී අවලංගු  තිබිණ.

උතුරේ අවසන් යුධ ගැටුම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක 'Sri Lanka's Killing Fields' චිත‍්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවේ චැනල්-4 නාලිකාවේ කැලම්  මැක්රේ  මහතාය.

කෙසේවුවද, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 12 වැනිදා පැවැති ව්‍යාපාරික සමුළුව අමතා ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටතට එද්දී ඔහු පිටුපසින් පැමිණෙමින් චැනල් 4 මාධ්‍යවේදී ජොනතන් මිලර් මහතා ප්‍රශ්න කීපයක් විමසු  අවස්ථාවේදී ජනාධිපතිවරයා , තම හමුවීමට පැමිණෙන ලෙස  ඔහුට ආරාධනයක් ද  කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad