චැනල් 4 මාධ්‍යවේදීන් ආගමන නීති කඩලා! - GOSSIP9.WORLD

Post Top Ad

චැනල් 4 මාධ්‍යවේදීන් ආගමන නීති කඩලා!

Share This








පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ආවරණය කිරීමට මෙරටට පැමිණි කැලම් මැක්රේ මහතා ඇතුළු චැනල් 4 මාධ්‍යවේදීන්, ඊට අදාළ කටයුතුවලින් බැහැරව, එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට ඊයේ (12) සහභාගිවීම, ආගමන නීති උල්ලංඝනය කිරීමක් වන හෙයින්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කුමන පියවරක් දැයි දේශ හිතෛෂීහු බලා සිටියි.

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවෙන් බැහැර කිසිදු කාර්යයකට සම්බන්ධ නොවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විදේශිකයන්ට හා විදෙස් මාධ්‍යයට උපදෙස් දී තිබෙන අතර, එම උපදෙස් උල්ලංඝනය කළ නවසීලන්තයේ 'හරිත පක්ෂයේ' පාර්ලිමේන්තු මන්ත්‍රිනි එම්. පී. ජෑන් ලොගි සහ ඕස්ට්‍රේලියා සෙනෙට් සභික ලී රයිනන් ඉකුත් 10දා ආගමන හා විගමන නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවෙන් පිටමං කර ඇත.

යුද්ධය අවසන් කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලදැයි කියන යුද අපරාධ සම්න්ධයෙන් චැනල්4 නාළිකාවට වාර්තා චිත්‍රපට 4ක් නිෂ්පාදනය කළ කැලම් මැක්රේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (12දා) දහවල් මංගල සමරවීර මන්ත්‍රිවරයා මෙහෙය වූ මාධ්‍ය හමුවකට කැඳවීම පිළිබඳ එජාප මන්ත්‍රිවරුන් ඇතුළු පාක්ෂිකයෝ බලවත් විරෝධය පළකරති.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අන්තර්ජාතිකය හමුවේ හෑල්ලුවට හා අපහාසයට ලක්කළ පුද්ගලයකු මෙරට ප්‍රධාන විපක්ෂ මූලස්ථානයට කැඳවීම පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව පැවැත්වෙන පසුබිමක අපේ රට නිග්‍රහයට පත් කරන්නක් බවද ඔවුහු පෙන්වා දෙති.

කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා ඔහු පැමිණි අවස්ථාවේ මෙරට ජනතාව ඔහුට දැක්වූ විරෝධයන් නොසලකා හැරීමට රටේ ප්‍රබල පක්ෂයක් වශයෙන් එජාපයට හැකියාවක් නොමැති බවත්, මේ තත්ත්වය නිසා පක්ෂය කෙරෙහි ජනතාව කෙරෙහි බලවත් පිළිකුලක් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇති බවත් ඔවුහු සඳහන් කරති.

ඉන්දියාව ඔහුට වීසා ලබාදීම පවා ප්‍රතික්‍ෂේප කිරීම අප විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුව ඇතැයිද එම මන්ත්‍රිවරු පෙන්වා දෙති.

"සමගි බලවේගය" විසින් කැඳවා තිබූ මේ මාධ්‍ය හමුවට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාද සහභාගි විය.

එම මාධ්‍ය හමුවට පැමිණෙන ලෙස කැලම් මැක්රේට ආරාධනය කර තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන්ගේ පූර්ණ අනුමතය මත බවද අනාවරණය වෙයි.

යුද අපරාධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි ඇත්නම් තමා අනාගතයේදීත් එවැනි වාර්තා චිත්‍රපට නිපදවන බව මේ මාධ්‍ය හමුවේදී පැවැසූ මැක්රේ, ශ්‍රී ලංකා රජය කළ යුත්තේ යුද අපරාධ සම්බන්ධයෙන් නැඟෙන චෝදනා ගැන පරීක්‍ෂණ පැවැත්වීම විනා එම චෝදනා බැහැර කිරීම නොවන බවද කීය.

මැක්රේ නිපදවූ ශ්‍රී ලංකා විරෝධී වාර්තා චිත්‍රපට සම්බන්ධයෙන් ආණ්ඩුව මුල් අවස්ථාවේ දැඩි විරෝධය පළකළ අතර එම චිත්‍රපට විකාශනයට එරෙහිව ජගත් අධිකරණය ඉදිරියේ නඩු පවරන බවද ප්‍රකාශ කර තිබිණි. එම චිත්‍රපට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පවා ආණ්ඩුව විරෝධය පළකර එය ප්‍රදර්ශනය කිරීම වළක්වාගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad