කැමරන් ඇණයක් වන හැඩ! - GOSSIP9.WORLD

Post Top Ad

කැමරන් ඇණයක් වන හැඩ!

Share This
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අද (15) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඇරඹෙද්දී ඊට සහභාගි වන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ හැසිරීම කුමක් වනු ඇත්දැයි දේශපාලන විචාරකයෝ සැක පහළ කරති.

ඊයේ (14) සවස ලංකාවට ළඟාවීමට පෙර කැමරන් අග්‍රාමාත්‍යවරයා සමුළුව වර්ජනය කරන ඉන්දියානු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං හමුවීමට ගියේය. ඉන්පසුව ඉන්දියානු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු ඉන්දියාවට, කැනඩාවට හා බ්‍රිතාන්‍යයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ සමාන අදහස් බවත් මානව හිමිකම් හා සංහිදියා ක්ෂේත්‍රයන්හි වර්ධනයන් සිදුවිය යුතු බවත් කියා සිටියේය.

සමුළුව වර්ජනය කරන ලෙසට පෙරදී මතුවූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මීට පෙරදීද කියා තිබුණේ සමුළුවට සහභාගි වී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව විමසීම තමා තෝරාගන්නා බවය.


ඊයේ අදහස් පළකිරීමේදී මෙම කරුණු නැවත මතු කළ කැමරන් ලංකාව උතුරේ ඡන්දය පැවැත්වීම වැනි මානව හිමිකම් ක්ෂේත්‍රයේ ඇතැම් වර්ධනයන් අත්පත් කරගෙන පැවතියද එය අපේක්ෂිත මට්ටමට ළඟාවී නොමැති බවත් බොහෝ තත්වයන් තවමත් ඍණාත්මක ලෙස පවතින බවත් පැවසීය.

"බිහිසුණු සිවිල් යුද්ධය පිළිබඳව නිසි පරීක්ෂණ සිදුවිය යුතුයි. ඒ පිළිබඳව අප දෙරට අතර ප්‍රතිපත්තිමය වෙනසක් නැහැ. (සමුළුව වර්ජනයට) ඉන්දියාව ගත් තීරණයට මම සම්පූර්ණයෙන් ගරුකරනවා. මෙම කරුණු පිළිබඳව අවධානයට ලක් කරන්න ලංකාවට යා යුතු යැයි මම හිතනවා." කැමරන් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad