2012 දී ස්ත්‍රී දුෂකයින් 252ක් හිරේට - GOSSIP9.WORLD

Post Top Ad

2012 දී ස්ත්‍රී දුෂකයින් 252ක් හිරේට

Share This
ස්ත්‍රී දුෂණ වරදට වරදකරු වී 252 දෙනෙකු 2012 වර්ෂයේදි පමණක් බන්ධනාගාරතව ඇතැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධිර මහතා පාර්ලිමේන්තුවට ඊයේ  (26) සභාගත කළ ‍ලේඛනයක දැක්වේ.

එසේම 2005 වසරේ සිට 2012 වසර දක්වා ස්ත්‍රී දුෂණවලට වරදකරුවි පුද්ගයන් 1718 දෙනෙකු බන්ධනාගර ගතව ඇතැයි ද එම පිළිතුරෙහි සඳහන්ය.

ඒ අතරින් ස්ත්‍රී දුෂණ වරදට වරදකරුවි වැඩිම පිරිසක් බන්ධනාගාර ගතව ඇත්තේ 2008 වසරේ වන අතර එම සංඛ්‍යාව 319 ක් බවද මෙහි දක්වා ඇත.

ස්ත්‍රී දුෂණයන්ට වරදකරුවි බන්ධනාගාර ගතවු 463 දෙනෙකු අවුරුදු 22 ත් 30 ත් අතර වයස් කාණ්ඩලයේ පුද්ගලයන්ය.

මෙලෙස බන්ධනාගාර ගතවුවන් අතර වසය අවුරුදු 30 ත් 40 ත් අතර ප්‍රමාණයේ වරදකරුවන් 691 දෙනෙකුද, වයස අවුරුදු 40 ත් 50 ත් අතර වරදකරුවන් 481 දෙනෙකුද, වයස අවුරුදු 50 ත් 60 ත් අතර වරදකරුවන් 50 දෙනෙකුද, වයස අවුරුදු 60 ට වැඩි වරදකරුවන් 33 දෙනෙකුද මෙසේ බන්ධනාගාර ගතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පි පෙරේරා මහතා අසා තිබු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට සභාගත කරනා ලද පිළිතුරක මේ බව සඳහන් විය.

බන්ධනාගාර ගතකල ස්ත්‍රී දුෂකයින් තොරතුරු එසේ වුවද,  ආරංචි මාර්ග  කලේ වසරකට සිදුවන ස්ත්‍රී දුෂණ ගණන මිට වඩා බෙහෙවින් වැඩි බවයි.

ලැජ්ජාව හා සමාජීය වෙනත් ගැටළු හේතුවෙන් එවැනි දුෂණයන් ගැන පොලිසියට පැමිණිලි කරන්නේ ඉතාමත්  සීමිත කාන්තාවන් පිරිසක් බව එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad