නමස්කාරෙටම තෙල් ටික ඉවරයි - පැය 04කට කෝටි 05ක් - GOSSIP9.WORLD

Post Top Ad

නමස්කාරෙටම තෙල් ටික ඉවරයි - පැය 04කට කෝටි 05ක්

Share This
නොවැම්බර් 15වැනි දින නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිත පැය 04ක CHOGM ආරම්භක උත්සවය සඳහා කෝටි 05ක මුදලක් වැය කෙරෙන බව වාර්තා වේ.

මේ අතර එළඹෙන 13වැනි දින ආරම්බ වී බත්තරමුල්ල ජනතලා කේන්ද්‍රය අසල භූමියේ දින 04ක් කාලයක් පැවැත්වීමට නියමිත ‍වෙළෙඳ හා විනෝදාත්මක සැණකෙළිය වෙනුවෙන් තවත් කෝටි 05ක මුදලක් වෙන් කරනු ලැබ ඇතැයි අනාවරණය වේ.

කෙසේ වුවද CHOGM මාධ්‍ය මෙහෙයුම වෙනුවෙන් වැය කෙරෙන මුදල පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ සම්පූර්ණ වැඩකටයුත්ත අවසාන වනතෙක් ඒ කොතෙක් දැයි කිව නොහැකි බවය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් CHOGM නිල චන්ද්‍රකා සේවා සපයන්නා ලෙස Globecast Africa සමාගම තොරා‍ගනු ලැබ ඇති අතර ඔවුන්ගේ චන්ද්‍රිකාවක්ද කුලියට ගනු ලැබ ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද පසුගියදා චීනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද සුප්රීම් සැට් චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ හා චීනයේ හවුල් ප්‍රයත්නයක් බවද එය ලංකාවට මහත් ප්‍රයෝජනයක් වන බවද රාජ්‍ය මාධ්‍ය විසින් කියනු ලැබුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad