මේධාගේ අලුත් මීඩියා පන්තිය - GOSSIP9.WORLD

Post Top Ad

මේධාගේ අලුත් මීඩියා පන්තිය

Share This
නිළියක හා නිවේදිකාවක වන මේධා ජයරත්න හා ඇගේ සැමියා වන සුරංග ලක්මාල් සෙනවිරත්න යන දෙදෙනා එක්ව 2015 උසස් පෙළට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය හදාරණ සිසු සිසුවියන් වෙනුවෙන් "MEDIA" ලෙස අමතර පංතියක් ආරම්භකර තිබේ.

මෙම අතිරේක පන්ති සෑම බ්‍රහස්පතින්දා දිනකදීම නුගේගොඩ රොටරි හා ගම්පහ ඔරියන්ටල් හිදී පැවැත්වේ.

සුරංග, කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෙව්දී උපාධිධාරියකු වන අතර, ඔහුට ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධියක්ද තිබේ.

ඔංගලන්තයේ වේල්ස් සරසවියෙන් ඔහුට අලෙවිකරණය හා මාධ්‍ය පිළිබද විදයාපති උපාධියක්ද ඇත.

එසේම එංගලන්තයේ කාඩිෆ් මෙට්‍රො පොලිටන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංචාරක හා මාධ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාපති උපාධිධාරියකු ද වන සුරංග ඉන්දියවේ පූනේ සිනමා පාසලින් චිතුපට රසවින්දනය හා විචාර ඩිප්ලොමාවක් ද ලැබූවෙකි.

මේධාද කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රෙව්දී උපාධිධාරිනියක වන අතර, ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලොමා ධාරිනියකි.

එසේම ඇයට ඉදිරිපත් කිරීමේ කලාව පිළිබදව එංගලන්තයෙන් ලබාගත් ඩිප්ලොමාවක්ද ඇත.

උදේ, දවල්, රෑට තරුපායන මේ මාධ්‍ය සංස්කෘතියට සැබෑ තරුටිකක් ඉදිරිපත් කිරීමේ බලා පොරොත්තුවෙන් මෙම මාධය පාසල ආරම්භ කළ බව සුරංග
අප සමග කීය.

මේධා හා සුරංගගේ මාධ්‍ය පංතියට එක්වීමට 0779571520 / 0718612098 / 0711949498 යන දුරකථන අංකවලින් විස්තර ලබාගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad